සුමන්දිරන් ඝාතන චෝදනාවේ සැකකරුවන් යළි රිමාන්ඩ්

දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක යෙදුන බවට චෝදනා නගා බන්ධනාගාරගත කර සිටින සැකකරුන් පස් දෙනාා ලබන මස 3 වැනි දා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස කිලිනොච්චි මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

පාර්ලිමෙන්තු මන්ත්‍රීවරයෙකු ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීම, නීති විරෝධි ආයුධ සහ මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම යන චෝදනා මත සැකකරුවන්ව අත්අඩංගුවට ගෙන තිබුණි. සැකකාර පස් දෙනා කිලිනොච්චි මහේස්ත්‍රාත් ඒ ආනන්දරාජා වෙත අද (26) දින ඉදිරිපත් කළ අවස්ථාවේදී සැකකරුවන්ව ලබන 3 වනදා දක්වා රිමාන්ඩ් කරන ලෙස නියෝග කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top