දෙ.ජා.ස. මැයි දින රැලිය කිලිනොච්චිය සහ අම්පාරදී..

දෙමළ ජාතික සන්ධානය මෙවර මැයි දින රැලිය කිලිනොච්චිය සහ අම්පාරදී පැවැත්වීමට තීරණය කර ඇති බව එම පක්‍ෂයේ පාර්ලිමෙන්තු මන්ත්‍රී මාවයි සේනාදිරාජා මහතා පවසයි.

අම්පාරදී පැවැත්වීමට නියමිත මැයි දින රැලියට පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන් ද සහභාගිවීමට නියමිත බවත්, වර්තමාණ දේශපාලන වාතාවරණයට අනුව යෝජනා සම්මත කර, ජනතාවගේ අයිතිවාසිකම් ජයග්‍රහණය කර ගන්නා බව ද හෙතෙම පැවැසීය.

තවද කම්කරු අයිතිවාසිකම්, නැවැත පදිංචිය, ඉඩම් නිදහස් කිරීම, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සම්මත කරන ලද යෝජනා කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු අතර, ජාතික ප්‍රශ්ණයට විසඳුමක් ඉදිරිපත් කළ යුතුයි යන කරුණු අවධාරණය කර මෙවර මැයි දින රැලිය පවත්වන බව ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top