ඉන්දීය ධීවරයන් 5ක් අත්අඩංගුවට

මන්නාරමට උතුරින් වූ මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 5දෙනෙකු සහ ඔවුන්ට අයත් කුඩා යාත්‍රාවක් නාවික හමුදාව භාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් ධීවරයින් සහ කුඩා යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම සහකාර ධීවර අධ්‍යක්ෂක කාර්යාලය වෙත භාර දීමට නියමිතවේ.

උතුරු මැද නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවකට අනුයුක්ත නාවිකයින් විසින් අද උදෑසන මෙම ධීවරයින් පිරිස අත්අඩංගුවට ගෙන ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top