යුද්දය අවසන් වූ පසු දෙමළ ජනතාවගේ ප්‍රශ්ණවලට විසඳුමක් ලබාදී නැහැ – සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්

යුද්දය අවසන් වූ පසු දෙමළ ජනතාවගේ ප්‍රශ්ණවලට විසඳුමක් ලබාදී නැති බව ඊ.පී.ආර්.එල්.එෆ්. පක්‍ෂයේ නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් පවසයි. වව්නියාව සෙට්ටිකුලම් ප්‍රදේශයේදී ඊයේ දින පැවැති මැයි දින රැලියට සහභාගිවෙමින් ඔහු මේ බව පවසා තිබේ.

යුද්දය නිමා වූ නමුත් උතුරේ ජනතාවගේ ප්‍රශ්ණවලට කිසිඳු විසඳුමක් ලබාදී නැති බවත්, දෙමළ දේශපාලන සිරකරුවන්ගේ නිදහස පිළිබඳ ප්‍රශ්ණවලට මෙතෙක් විසඳුමක් නොදීමේ තත්වය දිගටම පවතින බවද හෙතෙම පෙන්වාදී තිබේ.

උතුරේ ජනතාවගේ ඉඩම් නිදහස් නොකළ තත්වයක නිදහසේ මැයි දින රැලියක් පැවැත්විය නොහැකි බවද හෙතෙම වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top