ඉන්දිය විසා කාර්‍යාලයේ සිටින්නේ රෝ නිළධාරීන් – සරවණබවන්

යාපනය මූලික රෝහල තුළ ඉන්දිය හමුදාව සිදුකළ සමූළ ඝාතනය සම්බන්‍ධයෙන් පුවත් පළ කරන විට සමූළ ඝාතනය යන වචනය භාවිතා නොකරන ලෙසත්, එම සිද්ධිය විටින් විට සිහිපත් නොකරන ලෙසත් ඉන්දිය කොන්සූලර් ජනරාල් ආර්. නඩරාජන් තමන්ගෙන් ඉල්ලා සිටින බව යාපනය දිස්ත්‍රික්ක පාර්ලිමෙන්තු මන්ත්‍රී ඊ. සරවණබවන් මහතා පවසයි.

තවද නඩරාජන් නැමැත්තා ඉන්දිය නියෝජ්‍ය තානාපතිවරයෙකු නොවේ, ඔහුගේ ධූරය කොන්සූලර් ජනරාල් යනු බලයක් නැති තනතුරකි. එපමණක් නොව ඉන්දිය විසා ලබා දෙන කාර්‍යාලයේ කටයුතු කරන්නේ රෝ ඔත්තු සේවයේ නිළධාරීන් බව සරවණබවන් මහතා පවසා තිබේ.

ඝාතනයට පත්වූ උදයන් පුවත්පතේ සේවය කළ මාධ්‍යවේදීන් දෙදෙනාගේ 11 වැනි සැමරුම නිමිත්තෙන් පැවැති ගුණඅනුස්මරණ කටයුතුවලට සහභාගිවෙමින් මන්ත්‍රීවරයා මේ බව පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top