අතුරුදන්වූවන්ගේ ඥාතීන් විසින් වව්නියාවේදී පවත්වාගෙන යන සත්‍යග්‍රහයට අදට දින 70ක් අවසන්වී තිබෙන අතර, අද දින එම ජනතාව පොල් ගසා පූජා කටයුතු ද සිදුකර තිබේ.
අද මධ්‍යහන 12.15ට පමණ වව්නියාව කන්දසාමි කෝවිලට ගොස් ආගමික කටයුතු සිදුකිරීමෙන් අනතුරුව පොල් ගසා දේව කන්නලව්වක් ද සිදුකර තිබේ.
අතුරුදන්වූ තම ඥාතීන් පිළිබඳ තොරතුරු හෙළි කිරීම, දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, හදිසි නීතීය අහෝසි කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් පසුගිය දින 70ක කාලයක් සත්‍යග්‍රහයක නිරතව සිටිති.