තොරතුරු පනත ක්‍රියාත්මක කිරීම ගැන ලෝක බැංකුවෙන් පැසසුම්

ඉතා කෙටි කලක් තුළ ශ්‍රී ලංකාව තොරතුරු පනත හඳුන්වාදීම පිළිබඳව සහ තොරතුරු කොමිෂම පිහිටුවීමට කටයුතු කිරීම සම්බන්ධව ලෝක බැංකු නියෝජිතයින්ගේ පැසසුමට ලක් විය.

ලෝක බැංකුවේ Equitable Growth Finance & Institutions (EFI) ආයතනයේ උප සභාපති ජෑන් වෙලිසර් (Jan Walliser) මහතාගේ නිල ශ්‍රී ලංකා සංචාරය මැයි 04 සහ 05 දෙදින සිදුකරන අතර එහිදී පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා හමුවීම 04දා බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේදී සිදුවිනි.

එහිදී හ්‍රී ලංකාවේ තොරතුරු කොමිෂම හා තොරතුරු පනත පිළිබඳව රජය ගෙන ඇති ක්‍රියාමාර්ග මෙන්ම ඒ සඳහා ලෝක බැංකුවේ දායකත්වය පිළිබඳව මෙහිදී සකෙච්ඡා විනි.

මෙම අවස්ථාව සඳහා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ උපදේශක ජයතිස්ස රණසිංහ සහ තොරතුරු කොමිෂමෙහි නිළධාරීහු එක්වූහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top