කොළඹ අනවසර ප්‍රචාරක පුවරු අද රාත්‍රීයේ සිට ඉවතට

Colombo Municiple Council_CI කොළඹ නගරය තුළ සවි කර ඇති සියළු අනවසර  ප්‍රචාරක දැන්වීම් පුවරු අද (23) රාත්‍රීයේ සිට ඉවත් කිරීමට පියවර ගන්නා බව කොළඹ මහ නගර සභාව පවසයි.

කොළඹ මහ නගර සභාවේ විධිමත් අනුමැතියකින් තොරව කොළඹ නගරයේ අලංකාරයට හානි වන ලෙස සහ අනාරක්ෂිතව සවිකර තිබෙන සියලු ප්‍රචාරක දැන්වීම් පුවරු ඉවත් කරන ලෙස කොළඹ නාගරික කොමසාරිස්වරයා විසින් නියෝග කර ඇති බව වාර්තා වේ.

අද (23) මධ්‍යම රාත්‍රියේ සිට මෙම නියෝගය ක්‍රියාත්මක වන අතර අදාළ ප්‍රචාරක පුවරු ඉවත් කර ගන්නා ලෙස කොළඹ මහ නගර සභාව එම පුවරු හිමිකරුවන්ගෙන් ඉල්ලීමක්ද කර ඇති අතර අදාළ පුවරු ඉවත් කර නොගතහොත් ඒවා ඉවත් කිරීමට වැය වන මුදල් ප්‍රමාණය පුවරු හිමියන්ගෙන් අය කර ගැනීමට කටයුතු කරන බව කොළඹ මහ නගර සභාව සදහන් කර සිටියි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top