චන්ද්‍රිකාගේ ආරක්‍ෂාව ගැන කිසඳු නඩුවක් ගොනු කර නැහැ – මහින්ද

චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මහත්මියගේ ආරක්ෂාව අඩු කිරීම සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතා අධිකරණයේ නඩුවක් ගොනු කළ බවට ඇතැම් දේහපාඥයන් සිදු කරන ප‍්‍රකාශ ප‍්‍රතික්ෂේප කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට පවසනවා.

මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ඒකකය ලෙස සඳහන් වන ලිපි ශීර්ෂයක් යටතේ ඔහු නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ජනාධිපති ලේකම් කාර්යාලය, ආරක්ෂක අමාත්‍යංශය හෝ හිටපු ජනාධිපතිවරයා විසින් එවැනි නඩුවක් ගොනු කර නොමැති බවයි.

කෙසේ වෙතත්, රාජ්‍ය නොවන සංවිධානයක් විසින් එවැනි නඩුවක් ගොනු කර ඇති බවයි මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ලේකම්වරයා නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

දේශපාලන පළිගැනීම් ජනතාව ඉදිරියේ සාධාරණීකරණය කිරිමේ චේතනාවෙන් මෙවැනි ප‍්‍රකාශ සිදු කරන බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

(අදාළ නිවේදනය පහතින් දැක්වෙයි)

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top