මත්ද්‍රව්‍ය සමග දෙදෙනෙකු අත්අඩංගුවට

මහියංගනය ප්‍රදේශයේ දී ගංජා කිලෝග්රෑම් 6කට වැඩි ප්‍රමාණයක් සමග කාන්තාවක අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ අතර වැල්ලවත්ත ප්‍රදේශයේ දී ද හෙරොයින් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් වුණා.

පානදුර වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව සිදු කෙරුණු වැටලීමකදී ගංජා තොගයක් සමග කාන්තාවක අත්අඩංගුවට ගැනුණා. මහියංගනය අරාවත්ත ප්‍රදේශයේදීයි එම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත්තේ. ඇය සතුව තිබූ ගංජා කිලෝග්රෑම් 6යි ග්රෑම් 780ක් ද අත්අඩංගුවට ගෙන තිබෙනවා. වයස අවුරුදු 38ක් වූ ඇය මහියංගනය ප්‍රදේශයේ පදිංචිකාරිනියකි. සැකකාරිනිය මහියංගනය මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අතර වැල්ලවත්ත ප්‍රදේශයේ දී හෙරොයින් ග්රෑම් 50කට ආසන්න ප්‍රමාණයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. වයස අවුරුදු 49ක් වූ සැකකරු අලුත්කඩේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top