හිටපු කොටි සාමාජිකයන්ගේ පාපොච්චාරණය මහාධිකරණය පිළිගනී

ආරක්ෂක අංශ සාමාජිකයින් 14 දෙනකු ඝාතනය කරමින් 2007දී අනුරාධපුර ගුවන් හමුදා කඳවුරට එල්ල කළ ප්‍රහාරය මෙහෙයවූයේ තමන් බවට එල්ටීටීඊ සංවිධානයේ හිටපු  ප‍්‍රබල සාමාජිකයින් දෙදෙනකු ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාසයට ලබාදී ඇති පාපොචිචාරණය නිත්‍යානුකූල බවට පිළිගන්නා බව අනුරාධපුර විශේෂ මහාධිකරණයේ විනිසුරු මහේෂ් වීරමන් මහතා අද (09) ප‍්‍රකාශ කර ඇත.

ගුවනින් හා ගොඩ බිමින් එකවර එල්ල වී තිබූ එම ප්‍රහාරයෙන් ගුවන් හමුදා කඳවුරු ගුවන් පථයේ නවතා තිබු ගුවන් යානා 16ක් විනාශ වී රුපියල් කෝටි 400ක අනර්ථයක් කර ඇති බව කියැවේ.

අදාල පාපොච්චාරණය නිත්‍යානූකූල නොවන බවට විත්තියේ නීතිඥ කාලිංග රවින්ද්‍ර මහතා නැගූ තර්කය මහාධිකරණ විනිසුරුවරයා ප‍්‍රතික්ෂේප කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top