වෙසක් පෝදා සිරකරුවෝ 600කට නිදහස

වෙසක් පොහොය නිමිත්තෙන් පොදු සමාව යටතේ සිරකරුවන් 600 දෙනෙකු අද දින නිදහස් කර තිබේ. දඩමුදල් ගෙවාගත නොහැකි, සුළු වැරදි සඳහා බන්‍ධනාගාර ගතවූවන්ට මෙලෙස නිදහස ලබාදී තිබේ.

මේ අතරින් සිරකරුවන් සීයක් වූ වැඩිම පිරිස නිදහස ලබන්නේ වැලිකඩ බන්ධනාගාරයෙනි. කුරුවිට බන්ධනාගාරයෙන් සිරකරුවෝ 78ක්ද මීගමුව බන්ධනාගාරයේ සිරකරුවෝ 53ක්ද, කළුතර බන්ධනාගාරයෙන් සිරකරුවෝ 43ක්ද ආදි වශයෙන් දිවයිනේ බන්ධනාගාර රැසකින් මෙලෙස නිදහස ලබති.

මෙයට අමතවර තම සිරදඬුවම් කාලයෙන් වසරකට දින 7ක් බැගින් අඩු කළ, දඬුවම් සමා කාලයක් වෙසක් පෝය නිමිත්තෙන් හිමි වූ රැඳවියෝද මෙම පිරිසට ඇතුළත් වෙති.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top