බැසිල්ට එරෙහි නඩුව ජූලි 26 කැඳවයි

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට එරෙහිව ගොනු කර ඇති නඩුව ජූලි 26 වනදා කැදවීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ. දිවි නැගුම දෙපාර්තමේන්තුවේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් බැසිල් රාජපක්‍ෂට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.

පසුගිය ජනාධිපතිවරණ සමයේ දිවි නැගුම දෙපාර්තමේන්තුවේ මුදල් රුපියල් මිලියන 36ක මුදලක් වැය කළ බවට බැසිල් රාජපක්ෂට සහ දිවි නැගුම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් කිත්සිරි රණවකට එරෙහිව මෙලෙස චෝදනා එල්ලවී තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top