හෙටට නියමිත කැබිනට් රැස්වීම නෑ

හෙට (16) දිනට නියමිත කැබිනට් රැස්වීම නොපැවැත්වෙන බව වාර්තාවේ. අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මේ වනවිට දිවයිනේ රැඳී නොසිටීම සහ ජාත්‍යන්තර වෙසක් දින සැමරුම් උළෙල හේතුවෙන් අමාත්‍යවරුන් කිහිප දෙනෙකු කාර්ය බහුල වීම හේතුවෙන් කැබිනට් රැස්වීම අවලංගු කිරීමට තීරණය කර ඇති බව පැවැසේ.

කෙසේ නමුත්  කැබිනට් රැස්වීම ලබන සතියේ පැවැත්වීමට නියමිත බවත්  ඊට පෙර කැබිනට් සංශෝධනයක් සිදු වනු ඇති බවට ද දේශපාලන ආරංචි මාර්ග පවසයි. එසේ වුවහොත් නව කැබිනට් මණ්ඩලයේ පළමු රැස්වීම පැවැත්වෙන්නේ ලබන 23 වන අඟහරුවාදායි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top