කිලිනොච්චිය දර්මපුරම් පොලිස් කොඨාශයේ ප්‍රශ්ණ විසඳීම සඳහා සාකච්ඡාවක්

කිලිනොච්චිය දර්මපුරම් පොලිස් කොඨාශයේ ප්‍රශ්ණ හඳුනාගෙන විසඳුමක් ලබා ගැනීම සඳහා වූ සාකච්ඡාවක් අද (16) දින පැවැත්වුණි. දර්මපුරම් පොලිස් ස්ථානාධිපති චතුරංග මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ පැවැති මෙම සාකච්ඡා හමුවට කිලිනොච්චිය නියෝජ්‍ය පොලිස් අධ්‍යක්‍ෂක රොෂාන් රාජපක්‍ෂ මහතා ද සහභාගි වූහ.

පොලිස්පතිවරයාගේ උපදෙස් මත පැවැති මෙම සාකච්ඡා හමුවේදී, නීතිවිරෝධි සහ සමාජ විරෝධි ක්‍රියා කටයුතු, කාන්තාවන්ට එල්ලවන ගැටළු ඇතුළු ප්‍රශ්ණ රැසක් සම්බන්‍ධයෙන් සොයා බැලුවේය.

කසිප්පු තිප්පොළ, වැලි සහ ගස් ජාවාරම කඩිනමින් තුරන් කළ යුතු බව ජනතාව විසින් එහිදී ඉල්ලා සිටියෝය. ඒ අනුව ඉදිරියේ මේ සම්බන්‍ධයෙන් ක්‍රියාමාර්ග ගන්නා බවත්, ඒ සඳහා ජනතා සහයෝගයද ලබාදිය යුතු යැයි පොලීසිය එහිදී ඉල්ලා සිටි අතර, පළමු අදියරය ලෙස කල්ලාරු ප්‍රදේශයේ පොලිස් මුරපොළක් පිහිටුවීමට ද තීරණය කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top