ශ්‍රී ලංකාවට චීනයෙන් යුආන් බිලියන 2ක ආධාර

ශ්‍රී ලංකාවට යුආන් බිලියන 2ක ආධාරයක් ලබාදීම චීනය එකඟවී තිබේ. 2018 / 20 කාලය සඳහා යුවාන් බිලියන 2ක ආධාර ශ්‍රී ලංකාවට ලබාදීමට චීන ජනාධිපති ෂී ජින් පින්ග් මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සහතිකවී තිබේ.

මෙරට සංවර්ධන ව්‍යාපෘති සඳහා චීනය ලබාදෙන යුවාන් මිලියන හාරසියයක ආධාර මුදලට අමතරව මෙම අධාර මුදල ලබාදීමට එකඟත්වය පළ කර තිබේ.

ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා හා චීන ජනාධිපතිවරයා අතර බීජිං නුවර චීන මහජන මහා ශාලාවේ දී පැවැති සාකච්ඡාවේදී චීන ජනාධිපතිවරයා මේ බව පවසා තිබේ. ශ්‍රී ලංකාවේ ජාතික සමගිය , සංහිඳියාව සහ ආර්ථික සංවර්ධනය සඳහා පූර්ණ සහාය ලබාදෙන බවත්, කර්මාන්ත හා ආර්ථික කලාප , ගුවන් හා නාවුක සේවා මෙන්ම සංචාරක ආදී ක්ෂේත්‍රවලදී දෙරට අතර සබඳතා පුළුල් කිරීමේ හැකියාව ගැන ද චීන ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වාදී තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top