කොල්ලුපිටිය ප්‍රදේශයේ දී නීති විරෝධී දුම්වැටි හා මත්පැන් තොගයක් සමග චීන ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කොල්ලුපිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලැබුණ තොරතුරකට අනුවයි අදාල වැටලීම සිදුකෙරුණේ. නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වූ දුම්වැටි දාසයදහසක් සහ නීති විරෝධී මත්පැන් ලීටර් 28ක්ද අත්අඩංගුවට ගැණුනා. වයස අවුරුදු 39ක් වූ චීන ජාතික සැකකරු කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතයි.