මුදල් ඇමැතිව බැඳුම්කර කොමිසටම කැඳවන්නයි ඉල්ලීමක්..

මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා මහ බැංකු බැදුම්කර කොමිසම හමුවට කැඳවන ලෙස එම කොමිසමට ඉල්ලීමක් ඉදිරිපත් වී තිබේ. මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ චානකද සිල්වා මහතා මෙම ඉල්ලීම ඉදිරිපත් කර තිබේ.

මාර්ග සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘති සඳහා රුපියල් බිලියන 75ක් ලබාදෙන ලෙස ඉල්ලමින් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් මහා බැංකු අධිපතිවරයා වෙත යොමු කළ ලිපියක් කොමිසමට ඉදිරිපත් කළ අවස්ථාවේදී එම ලිපියේ දිනයක් හෝ කුමන මහා බැංකුවේ අධිපතිවරයාටද යන්න පිළිබඳ සඳහනක් නොමැති බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටින අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා දැනුම් දීම නිසා අමාත්‍ය රවී කරුණානායක මහතා කොමිසම හමුවට කැඳවන ලෙස නීතීඥ චානක ද සිල්වා මහතා කොමිසමෙන් ඉල්ලා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top