අද හෙට විශේෂ මදුරු මර්දන වැඩසටහනක්

අද (18) සහ හෙට (19) දෙ දින විශේෂ මදුරු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සෞඛය අමාත්‍යංශය කටයුතු යොදා ඇත.
ඒ අනුව මෙම විශේෂ මදුරු මර්දන වැඩසටහන  වැඩි අවධානම් දිස්ත්‍රික්ක 12ක් කේන්ද්‍ර කරගනිමින් කණ්ඩායම් 1800ක් යොදවා ගැනීමට නියමිතය.
මේ වර්ෂයේ මේ දක්වා මුළු දිවයිනෙන් රෝගීන් 43,000 ක් පමණ වාර්තා වී ඇත. මේ අතර, කොළඹ, ගම්පහ, කළුතර, මඩකළපුව, රත්නපුර, ත්‍රීකුණාමලය, කුරුණෑගල, මාතර වැන ප්‍රදේශවල රෝගීන් වාර්තාවීම වැඩි වශයෙන් දක්නට ලැබේ.
තද උණ සමග හිසරදය, මස්පිඩු හා සන්ධි වෙිදනාව, ඔක්කාරය සහ වමනය, සමෙහි රතු ලප හට ගැනිම හා රුධිර වහන තත්ත්වයන් ඇත්නම් එය සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු වෙත ගොස් ප්‍රතිකාර ලබාගන්නා මෙන් ද ඩෙංගු රෝගයේ දී උණ බැසයාමත් සමග සංකූලතා (ඩෙංගු රක්තපාත උණ) ඇති විය හැකි නිසා ඒ පිළිබඳව මහජනතාව සැළකිල්මත්ව සිටිය යුතු බවද සෞඛ්‍ය අමාත්‍යංශය මහජනතාවගෙන් ඉල්ලයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top