ඉන්දියාවේ සිටින ශ්‍රී ලාංකික සරණාගතයන්ට පුනරුත්ථාපනය ලබාදීම ගැන ඔස්ට්‍රෙලියාවේ අවධානය

ඉන්දියාවේ සිටින ශ්‍රී ලාංකික සරණාගතයන්ට පුනරුත්ථාපනය ලබාදීම ගැන ඔස්ට්‍රෙලියානු රජය අවධානය යොමු කරන බව පැවැසේ. තමිල්නාඩු රජය සහ ශ්‍රී ලංකා රජය සමඟ එක්වී මෙලෙස පුනරුත්ථාපන වැඩසටහන ක්‍රියාත්මක කිරීමට ඔස්ට්‍රෙලියාව තීරණය කර තිබේ.

ඔස්ට්‍රෙලියාවේ දේශ සීමා ආරක්‍ෂක අංශයේ කොමසාරිස් Roman Quaedvlieg මහතා තමිල්නාඩුවේ සංචාරයක නිරතව සිටියි. ඔහු තමිල්නාඩුවේ ප්‍රධාන ලේකම් කිරිජා වෛද්‍යනාදන්ව හමුවී සාකච්ඡා කර තිබෙන අතර, එහිදී තමිල්නාඩු අවතැන් කඳවුරුවල සිටින ශ්‍රී ලාංකිකයන්ට පුනරුත්ථාපනය ලබාදීම ගැන සාකච්ඡා කර තිබේ.

නීතිවිරෝධී ලෙස ඔස්ට්‍රෙලියාවට පැමිණෙන පුද්ගලයන්ව මැඩපැවැත්වීමේ අරමුණින් මෙවැනි වැඩපිළිවලක් ආරම්භ කර තිබේ. නීතිවිරෝධි මිනිස්ජාවාරම මැඩපැවැත්වීම සඳහා ඔස්ට්‍රෙලියාවට සහයෝගය ලබාදීමට සූදානම් බව තමිල්නාඩු රජය පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top