70 වන ලෝක සෞඛ්‍ය සංවිධානයේ සමුළුවට සෞඛ්‍ය ඇමැති යයි

ස්විස්ටර්ලන්තයේ ජීනිවා නුවර දී පැවැත්වෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ 70 වන සමුළුවට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සහභාගිවීමට නියමිතය.

හෙට 22 දින ආරම්භ වන සමුළුව ලබන 31 දක්වා පැවැත්වෙන අතර මෙම සැසිවාරයේ දී සෞඛ්‍ය අමාත්‍යවරයා විශේෂ දේශණයක් පැවැත්වීමට ද නියමිතය. තව ද පොදු රාජ්‍ය මණ්ඩලීය සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ රැස්වීම ද ඇමතීමට නියමිතව ඇත.

ශ්‍රී ලංකාවේ පැවැති පොදු රාජ්‍ය මණ්ඩලීය සෞඛ්‍ය අමාත්‍ය සමුළුවේ දී ප්‍රකාශ කළ කොළඹ ප්‍රකාශණය ද මෙම සමුළුවට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇත. මෙම සංචාරයේ දී සෞඛ්‍ය අමාත්‍යවරයා ද්විපාර්ශ්වික සෞඛ්‍ය සේවාව නංවාලීමේ ව්‍යාපෘති රැස්වීම් කිහිපයකට සහභාගි වෙයි. “සියලු කාන්තාවන්, සියලු දරුවන්” යන තේමාව යටතේ මෙන්ම ගර්භණී සමයේ දී දියවැඩියාවට මුහුණ දෙන කාන්තාවන් පිළිබඳව ද විශේෂ සාකච්ඡාවට කිහිපයක් ද ඇතුලත් වෙයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ 70 වන සමුළුවේ දී නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු ද පත් කිරීමට නියමිතය. වත්මන් අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය මාග්‍රට් චෑන් මහත්මියගේ දිගු සේවා කාලය පුර්ණවීම ඊට හේතුවයි. අධ්‍යක්ෂ ජනරාල් ධූරය සදහා පකිස්ථානය, ඉතියෝපියාව සහ එක්සත් රාජධානියෙන් අපේක්ෂකයින් ඉදිරිපත්ව සිටිති. සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ විධායක මණ්ඩලය නියෝජනය කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top