මුල්ලිවායික්කාල් සිහිපත් කිරීමේ වැඩසටහනට තමිල්නාඩුවේ තහනම් නියෝගයක්..

මැයි 17 සංවිධානය විසින් තමිල්නාඩුවේ මෙරීනා වෙරළදී පැවැත්වීමට කටයුතු සූදානම් කළ මුල්ලිවායික්කාල් සිහිපත් කිරිමේ වැඩසටහන එරට ආරක්‍ෂක අංශය විසින් තහනම් කර තිබේ. මැයි 17 සංවිධානය විසින් අද (21) ඉරිදා දින මෙම වැසටහන පැවැත්වීමට තීරණය කර තිබුණි.

මෙවැනි තත්වයකදී ඊයේ දින පොලීසිය විසින් නිකුත් කළ පුවත් නිවේදනයකදී, 2003 වසරේ සිට චෙන්නයි මෙරීනා වෙරළදී විරෝධතා පැවැත්වීමට අනුමැතිය නොදීම පෙන්වාදි තිබෙන අතර, නීතිය උල්ලංඝණය කර මෙරීනා වෙරළ තීරයේදී රැස්වීම් සහ විරෝධතා පැවැත්වීමට නීති විරෝධී ක්‍රියාවක් බවත්, නීතිය උල්ලංඝණය කරන පුද්ගලයන්ව අත්අඩංගුවට ගන්නා බවද සඳහන් කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top