ශ්‍රී ලංකා සමඟ පැවැති තරඟයෙන් ස්කොට්ලන්තයට ජය

චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලියට එංගලන්තය බලා පිටත්ව ගොස් සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඊයේ ස්කොට්ලන්තයට එරෙහිව සහභාගි වූ පුහුණු තරඟයකින් පරාජයට පත්ව තිබේ.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පන්දුවාර 49 යි එක් පන්දුවක් තුල සියලු දෙනා දැවී ලකුණු 287ක් රැස් කළ අතර, දිනේෂ් චන්දිමාල් ලකුණු 79 ක් සහ චාමර කපුගෙදර ලකුණු 71ක් ලබාගත්හ.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කල ස්කොට්ලන්ත ක්‍රීඩකයින් පන්දුවාර 42 යි පන්දු 5ක් අවසානයේ කඩුලු 03 කට එම සීමාව පසුකර ගිය අතර ඒ අනුව කඩුළු 07ක ජයක් ස්කොට්ලන්ත ක්‍රීඩකයන්ට හිමිවුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top