මුස්ලිම් මැති ඇමැතිවරුන් ජනපතිව හමුවීමට නියමිතයි..

මුස්ලිම් මැති ඇමැතිවරුන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව හමුවීමට නියමිත බව වාර්තාවේ. සාකච්ඡා හමුවක් පැවැත්වීමට අවස්ථාවක් ලබා දෙන්නැයි මුස්ලිම් මැති ඇමැතිවරුන් විසින් කළ ඉල්ලීමකට අනුව මෙම හමුව පැවැත්වීමට නියමිතය.

මුස්ලිම් ජනතාවට එරෙහි ජාතිවාදී ප්‍රචණ්ඩත්වය යළි හිස ඔසවා ඇති බව පෙන්වාදී තිබෙන ඔවුන් මේ සම්බන්‍ධයෙන් කඩිනමින් ජනපතිව හමුවී තම ගැටළු සාකච්ඡා කිරීමට නියමිත බව නම සඳහන් කිරීමට අකමැත්ත පළ කළ මුස්ලිම් පාර්ලිමෙන්තු මන්ත්‍රිවරයෙකු පවසා තිබේ. ජාති හා ආගම් අතර වෛරය වපුරන ක්‍රියාවන් මැඩපැවැත්වීමට රජය මෙතෙක් කිසිඳු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවට චෝදනා එල්ලවී තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top