මාස හයක් තුළ උතුරෙන් හමුදාව ඉවත් කළ යුතුයි – සිවාජිලිංගම්

උතුරු පළාතේ සිටින සියලූ හමුදා සාමාජිකයන් මාස 06ක් ඇතුළත ඉවත් කරන්නැයි. උතුරු පළාත් සභා මන්ත‍්‍රී එම් කේ සිවාජිලංගම් ඉල්ලීමක් කරනවා.

ඔහු පෙන්වා දෙන්නේ ආරක්ෂක අංශ සාමාජිකයන් රැඳී සිටීම හේතුවෙන් යාපනය වලිකාමම් ප‍්‍රදේශයේ පමණක් ඉඩම් අක්කර 4500ක් සිවිල් ජනතාවට අහිමි වී ඇති බවයි.

තවත් ප‍්‍රදේශ රැසක ඉඩම් ආරක්ෂක අංශ විසින් අත්පත් කර ගෙන සිටිනවා. එම නිසා මාස 06ක් ඇතුළත උතුරු පළාතේ සිටින සියලූ ආරක්ෂක අංශ සාමාජිකයින් ඉවත් කළ යුතු බවයි මන්ත‍්‍රීවරයා පෙන්වා දෙන්නේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top