ඉන්දීය ධීවරයින් 06ක් අත්අඩංගුවට…

නීති විරෝධී ලෙස මෙරට මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරත වූ ඉන්දීය ධීවරයින් හය දෙනෙකු වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර අැත.

කෝවිලන් සිට උතුරු දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී එම ඉන්දීය ධීවරයින් අත්අඩංගුවට ගෙන අැත්තේ උතුරු නාවික විධානයට අයත් වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ වේග ප්‍රහාරක යාත්‍රාවක නාවිකයින් පිරිසක් විසින් බව වාර්තා වේ.

අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් හය දෙනා පැමිණි ට්‍රෝලර් යාත්‍රාවක් ද වෙරළාරක්ෂක නිලධාරීන් බාරයට ගෙන අැති අතර ඉදිරි විමර්ශන සඳහා යාපනය සහකාර ධීවර අධ්‍යක්ෂ කාර්යාලය වෙත බාර දීමට නියමිත බව නාවික හමුදාව විසින් සදහන් කර අැත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top