තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතාගේ වගකීම් පන්නීර් සෙල්වම්ට පවරයි..

jeya-pannerරෝගාතුර හේතුවෙන් රෝහල් ගතව සිටින තමිල්නාඩු මහ ඇමැතිනී ජයලලිතා යටතේ පැවති සියලු අමාත්‍යංශ හා වගීකම් නියෝජ්‍ය මහ ඇමති සහ මුදල් ඇමැති ඕ. පන්නීර්සෙල්වම් මහතා වෙත පවරා දෙනු ලැබ ඇති බව තමිල්නාඩු ආණ්ඩුකාර මන්දිරයේ ආරංචි මාර්ග සඳහන් කරයි..

ජයලලිතා මහ ඇමතිනියගේ කැමැත්ත පරිදි අදාළ වගකීම් පැවරුනු බව ආණ්ඩුකාර විද්‍යාසාගර් රාඕ විසින් නිකුත් කරන ලද නිවේදනයක සඳහන් කර තිබේ.

මහ ඇමැතිනිය ලෙස ජයලලිතා තවඳුරටත් කටයුතු කරනු ඇති බවත්, ඇය ප්‍රතිකාර ලබා රෝහලින් පිටත්වන තෙක් පන්නීර්සෙල්වම් මහතා ඇය යටතේ පැවැති අමාත්‍යංශවල වැඩ කටයුතු ගැන සොයා බැලීමට නියමිත බව පැවැසේ.

– Global Tamil News – Sinhala

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top