මහින්දානන්ද ඇප මත මුදාහරී

හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව පනවා ඇති නඩුවේ අධි චෝදනා බාරදීම අද(25) කොළඹ මහාධිකරණයේදී සිදුව තිබේ.

අමාත්‍යවරයෙකුව සිටි සමයේ මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් උපයාගත් ආකාරය අනාවරණය කළ නොහැකි මූදල් යොදවා බොරැල්ල කින්සි පාරේ සුඛෝපබෝගී නිවසක් මිලදී ගෙන ඇති බවට චෝදනා එල්ල වී ඇති බව සඳහන්ය.

රුපියල් මිලියන 27ක මුදලක් ඒ සඳහා වැය කර මුදල් විශුද්ධීකරණ පනත යටතේ වරදක් සිදුකර ඇති බව නීතිපතිවරයා විසින් පැවරූ නඩුවේ අධි චෝදනා මඟින් ප්‍රකාශ කර ඇත.

අදාළ නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා ඉදිරියේ අද කැඳවූ අවස්ථාවේ කරුණු සලකා බැලූ අතර එහිදී මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඇප මත මුදාහැරීමට විනිසුරුවරයා තීරණය කළේය.

රුපියල් ලක්ෂ දෙකක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 05 බැගින් වන ශරීර ඇප දෙකක් මත විත්තිකාර මහින්දානන්ද අලුත්ගමගේ මහතා මුදාහැරීමට මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top