විපතින් දෙමව්පියන් අහිමිවූ දරුවන් ගැන 1929 ට දැනුම් දෙන්න

මේ දිනවල දිවයිනේ දිස්ත්‍රික්ක රැසක ඇති වී තිබෙන හදිසි ආපදා තත්ත්වයෙන් දෙමව්පියන් හෝ භාරකරුවන් අහිමි වූ දරුවන් සිටී නම් වහාම දැනුම් දෙන ලෙස ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
එවැනි දරුවන් සිටීනම් ළඟම පොලිස් මුරපොළට, අවතැන් කඳවුරු භාර නිලධාරීන්ට, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන්ට,ග්‍රාමසේවා නිලධාරිවරයාට, ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරීන්ට, ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ දිස්ත්‍රික් නිලධාරීන්ට, ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ප්‍රාදේශීය නිලධාරීන්ට, පරිවාස නිලධාරීට හෝ 1929 ශ්‍රී ලංකා ළමා දුරකථන සේවය ඇමතීමෙන් ඒ පිළිබඳ විස්තර ලබාදිය හැකිය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top