ආවා කල්ලියේ දෙදෙනෙකු ඉන්දියාවේදී අත්අඩංගුවට

තමිල්නාඩු තිරුච්චි ප්‍රදේශයේදී කියූ අංශ පොලීසිය විසින් ශ්‍රී ලාංකික දෙමළ තරුණයන් තිදෙනෙකුව ඊයේ දින අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට පත්වූවන් අතර දේවා සහ ප්‍රකාෂ් නැමැති සැකකරුවන් යාපනය දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන් බව වාර්තාවී තිබෙන අතර, තෙවන සැකකරු වන ඩැනියල් නැමැත්තා ගැන වැඩිදුර තොරතුරු හෙළිකර නැත.

ඉකුත් සැකකරුවන් තිදෙනා ගමන් බලපත්‍ර නොමැතිව නීතිවිරෝධි ලෙස තමිල්නාඩුවට ඇතුල්වී තිරුච්චියේ රැඳි සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට පත්වූවන් අතර දේවා සහ ප්‍රකාෂ් නැමැති සැකකරුවන් යාපනයේ සිඳුවූ කඩු පහරදීම්වලට සම්බන්‍ධ බවත්, ඔවුන් දෙදෙනා යාපනයේ ක්‍රියාත්මක වන ආවා නැමැති නීතිවිරෝධි කල්ලියේ ප්‍රධාන පුද්ගලයන් බවද තොරතුරු හෙළිවී තිබේ.

තෙවන සැකකරු ඔවුන්ව නීතිවිරෝධි ලෙස ඉන්දියාවට රැගෙන ගිය පුද්ගලයා විය හැකි බවට සැක පළකර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top