ස්විට්සර්ලන්ත තානාපති සහ විදේශ කටයුතු ඇමති අතර හමුවක්..

ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති හෙයින්ස් වොල්කර් නෙදර්කොන් (Heinz Walker Nederkoorn) මහතා සහ විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා අතර, හමුවක් ඊයේ (02) පෙරවරුවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

මෙම හමුවේදී, නව විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස රවී කරුණානායක මහතාට ස්විට්සර්ලන්ත තානාපතිවරයා සිය සුභ පැතුම් එක් කළ අතර, දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පුළුල් කර ගැනීම පිළිබඳව මෙහිදී අවධානය යොමු කළේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top