යාපනයේ බුද්ධිමය පූජා භූමියට ගිනි තබා වසර 36යි. | අගමැති ‘සමාව’ ඉල්ලයි | ‘අපරාධකරුවන් ??’

යාපනයේ බුද්ධිමය පූජාභූමිය හෙවත් යාපනය මහජන පුස්තකාලයට එවකට පැවති එජාප ආණ්ඩුවේ අනුග්‍රහය ලත් මැරයින් විසින් ගිණි තබා වසර 36ක් ගත වෙමින් තිබේ. එයට ගිණි තබා වසර 35ක් ගෙවෙමින් තිබිය දී එනම් 2016 දී ‘යහපාලන‘ ආණ්ඩුවේ අගමැති රනිල් වික්‍රමසිංහ ඒ අපරාධය වෙනුවෙන් පාර්ලිමේන්තුවේදී සමාව ඉල්ලා සිටියේ ය. නමුත් සමස්ථ ලෝකයම කම්පා කල ඒ අපරාධය සිදු කල කිසිවෙකුත් මේ වන තුරුත් නීතිය හමුවට පමුණුවා නැත.

එපමණක් ද නොවේ. යාපනය පුස්තකාලයට ගිණි තැබීම හුදෙක් පුස්තකාලයට ගිණි තැබීමක් නොවිනි. එය සමස්ථ ලංකාවේම සහෝදරත්වයට, සංහිදියාවට ගිණි තැබීමකි. එදා යාපනයේ බුද්ධිමය පූජා භූමියට තැබූ ගින්න ඉන්පසු ලැව් ගින්නක් බවට පත් විය.

එය 2009 මැයි මස 18වනදායින් අවසන් යැයි, සිංහල අධිපතිවාදයෙන් සහ යුද උන්මාදයෙන් මෝහනය වී සිටි රාජපක්ෂ ඇතුලු දකුණේ දේශපාලකයන් කීවේ කරිබත් ද කමිනි. දැන් ඒ කිව් අවසානයට වසර 8ක් ගත වී තිබේ. යාපනය පුස්තකාලය ගිණි තබා ද වසර 36ක් ගතවෙමින් තිබේ. එපමණක් ද නොව, උතුරට නිදහස සහ යුක්තිය දෙනවා යැයි කෑ මොර දෙමින් පැමිණි ‘යහපාලනය‘ ට ද වසර 2කක් ගෙවෙමින් තිබේ.

මේ ඒ පිළිබද තබන රූපමය සටහනක්.
bY – vikalpa 

https://www.facebook.com/Vikalpasrilanka/videos/10155380114254806/

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top