විනාශයට පත්වූ නිවාස ඉදිකිරීමට ඇමෙරිකාවෙන් රු. මිලියන 350ක්

ගංවතුරෙන් හා නායයාමෙන් විනාශයට පත් නිවාස ඉදිකිරීමේ වැඩසටහනට ඇමෙරිකාව රුපියල් මිලියන 350ක මූල්‍යාධාර ලබා දුන්නා. එම මුදල් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත භාර දීම ජනාධිපති නිල නිවසේදී සිදුකෙරුණා.

අවතැන් වූ ජනතාවට නිවාස ඉදිකිරීමේ ශ්‍රී ලංකා රජයේ වැඩපිළිවෙළට සහාය දැක්වීම සඳහායි ඇමෙරිකාව මෙම මුදල් පරිත්‍යාග කළේ. ශ්‍රී ලංකාවේ ඇමෙරිකා තානාපති අතුල් කේෂප් ඇතුලු නියෝජිත පිරිසක් මෙම මුදල් ජනාධිපතිතුමා වෙත භාර දුන්නා. එමෙන්ම ශ්‍රී ලංකා තරුණ තරුණියන්ගේ ශිල්පීය ඥානය දියුණු කිරීමේ වැඩසටහන සඳහා ඇමෙරිකා ඩොලර් මිලියන 12ක මූල්‍ය පරිත්‍යාගයක් සිදු කිරීමට ද ඇමෙරිකාව කැමැත්ත පළකර තිබෙනවා. වසර 04ක් තුළ එම පරිත්‍යාගය සිදු කිරීමට නියමිත බවයි අතුල් කේෂප් මහතා මෙහිදී ප්‍රකාශ කළේ. කලුතර දිස්ත්‍රික්කයේ ආපදාවට ලක්වූ පාසල් පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියට ඇමෙරිකා නියෝජිත පිරිසකගේ සහාය ලැබී තිබෙනවා. එම කටයුතු ද අඛණ්ඩව ක්‍රියාත්මක බවයි ඇමෙරිකා තානාපතිවරයා කියාසිටියේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top