ගංජා සමඟ සැකකරුවන් 5ක් අත්අඩංගුවට

කේරල ගංජා කිලෝ 06ක් සමග සැකකරුවන් 05 දෙනෙකු මීගමුව තොඩුවාව පාලම අසළදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. නාවික හමුදාවට ලැබුණු තොරතුරකට අනුවයි වැටලීම සිදු කෙරුණේ.

හලාවත වෙරලාරක්ෂක දෙපාර්තමේන්තුවට අනුයුක්ත නාවික පිරිසක් මාරවිල පොලිසියේ සහාය ද ඇතිව කේරල ගංජා තොගය අත්අඩංගුවට ගත්තා. කේරල ගංජා තොගයට ත්‍රීරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි අවස්ථාවේයි අත්අඩංගුවට ගැනුණේ. වැඩිදුර පරික්ෂණ සදහා සැකකරුවන් සහ කේරල ගංජා තොගය මාරවිල පොලිසිය වෙත භාරදීමටයි කටයුතු කෙරුණේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top