ධීවර ප්‍රතිපත්තියක් සැකසීමට නෝර්වේ රජයෙන් සහාය

norway-sri-lanka නොර්වේශ්‍රී ලංකාව තුළ ජාතික ධීවර ප්‍රතිපත්තියක් සැකසීමට නෝර්වේ රජයේ තාක්ෂණික සහය හිමිව තිබේ.

මේ වන විට ලොව විශිෂ්ටතම ජාතික ධීවර ප්‍රතිපත්තිය හා අන්තර්ජාතිකව පිළිගත් නව තාක්ෂණය භාවිත කරන නෝර්වේ රාජ්‍යයේ තාක්ෂණික සහාය හිමිවී ඇති බව ධීවර අමාත්‍යංශය සඳහන් කර තිබේ.

ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සිදුකළ ඉල්ලීමක් අනුව මෙරට පැමිණි නෝර්වේ රාජ්‍යයේ නියෝජිතයින් පිරිසක් සහ ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා අතර ඊයේ (12) ධීවර අමාත්‍යාංශයේදී පවත්වන ලද සාකච්ඡාවකදී, එම නියෝජිතයින් විසින් මෙරටට නව ධීවර ප්‍රතිපතිතියන් හදුන්වාදීම සම්බන්ධයෙන් තම රාජ්‍යයේ සහාය ලබා දෙන බව අවධාරණය කර ඇත.

– Global Tamil News – Sinhala

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top