දෙමළ පාරම්පරික ප්‍රදේශවල බුදු පිළිම තැන්පත් කිරීමෙන් අපහසුතාවයට පත්වෙනවා

කතරගම බස්නායක නිළමෙ සමඟ වූ හමුවකදී හින්දු සම්මේලනයේ උප සභාපති ආරු තිරුමුරුහන් පවසයි..

දෙමළ පාරම්පරික ප්‍රදේශවල අලුතින් බුදු පිළිම තැන්පත් කිරිමෙන් දෙමළ ජනතාවට ඇතිව තිබෙන අපහසුතා ගැන කතරගම බස්නායක නිළමේ ඩී.පී. කුමාරගේ වෙත පවසා තිබේ. ඊයේ දින දින යාපනයෙහි සංචාරයක නිරතවූ කතරගම බස්නායක නිලමේ සමඟ වූ හමුවකදී හින්දු සම්මේලනයේ උප සභාපති ආරු තිරුමුහන් මේ බව පෙන්වාදී තිබේ.

හින්දු සම්මේලනය බුදු දහමට ගරු කරන බව සඳහන් කළ ආරු තිරුමුරුහන්, වර්තමාණයේ අවතැන් ජනතාව තම ගම්බිම් බලා යෑමට නොහැකි අයුරින් එම ප්‍රදේශවල බුදු පිළිම තැන්පත් කර තිබීම කණගාටුදායක බව පවසා තිබේ.

මේ අතර, රට තුළ ඇතිවී තිබෙන ආගමික විරස සම්බන්‍ධයෙන් නල්ලයි ආදීන ප්‍රධාන ගුරු කතරගම නිලමේ වෙත පවසා ඇති අතර, මාධ්‍ය වෙත අදහස් ප්‍රකාශ කරමින් කතරගම බස්නායක නිලමේ පවසා සිටියේ උතුර සහ දකුණු අතර සම්බන්‍ධතා ශක්තිමත් කර ගැනීම තුළින් ගැටළු වලක්වා ගත හැකි බවය..

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top