ප්ලාස්ටික් හාල් කතාව බොරුවක්

පාකිස්තානයෙන් ආනයනය කළ බාස්මතී සහල්  පරිභෝජනයට නුසුදුසු ප්ලාස්ටික් සහල් වර්ගයක්යැයි කියමින් සතොස කීර්ති නාමය  විනාශ කිරීමට කිසියම් පිරිසක් කටයුතු කරමින් සිටින බව ලංකා සතොස සභාපති ටී එම් කේ බී තෙන්නකෝන් මහතා පැවසීය.

එම සහල් තොගයේ සාම්පලයක් වැඩිදුර විමර්ශනය සඳහා බොරුල්ල ජාතික වෛද්‍ය පරීක්ෂණායතනයට යොමුකළ බව කී සතොස සභාපතිවරයා සහල්  පාරිභෝජනයට සුදුසු බව තහවුරු වුවහොත් සියලුම සමාජ ජාලා වෙබ් අඩවි සහ මාධ්‍ය ආයතනවලට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ද සඳහන් කළේය.

සහල් ආනයනයේ දී ආහාර තාක්ෂණවේදියකු ලවා සාම්පල පරීක්ෂා කළ බවත්, ඒවා සුදුසු තත්ත්වයක ඇති බව තහවුරු වූ බවත්, මැයි මාසයේ ගෙන්වූ බාස්මතී සහල් මෙට්‍රික් ටොන් 20න් දැන් ඉතිරිව ඇත්තේ මෙට්‍රික් ටොන් හතරක් පමණක් බවත් සභාපතිවරයා කීවේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top