දුම්රිය අංශ සංවර්ධනයට ඉන්දියාවෙන් ඩොලර් මිලියන 318ක්

ඉන්දීයාවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 318ක ණය ආධාරක්ශ්‍රී ලංකාවේ දුම්රිය අංශය සංවර්ධනය කිරීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 318 ක ණය මුදලක් ලබාදීම වෙනුවෙන් වූ ගිවිසුමකට ඉන්දියාව සහ ශ්‍රී ලංකාව මුදල් අමාත්‍යාංශයේදී අත්සන් තබා ඇත.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා හා ඉන්දියානු අපනයන හා ආනයන බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ ඩේවිඩ් රස්කුවින්න මහතා මෙම ගිවිසුමට අත්සන් තබා ඇත.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා 2015 වසරේ මාර්තු මාසයේදී ලංකාවේ කළ පළමු සංචාරය අතරතුර ශ්‍රී ලංකාවේ දුම්රිය අංශ සංවර්ධනය කිරීම වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 318 ක ණය ආධාර මුදල ලබාදීමට පොරොන්දු විය. ඉන්දීය රජය දැනටමත් ශ්‍රී ලංකාවේ දුම්රිය පද්ධතිය දියුණු කිරීම සඳහා ණය ආධාර හතරක් ලබාදී තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top