යුද්දය ඇතිවීමට හේතුව තනි සිංහල නීතියයි – මාවයි සේනාදිරාජා

රටතුළ යුද්දයක් ඇතිවීමට ප්‍රධානතම හේතුව තනි සිංහල නීතිය බව දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී මාවයි සේනාදිරාජා මහතා පවසයි.

ඊයේ (6) දින යාපනයේ පැවැති පොන්. සිවකුමාරන්ගේ 43 වැනි අනුස්මරණ දින සැමරුමට සහභාගිවෙමින් ඔහු මේ බව පවසා තිබේ.

රටතුළ ප්‍රථම වරට තනි සිංහල නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා යෝජනාවක් ඉදිරිපත් කෙරුණි. එතැන් සිට තමයි රට තුළ විවිද අරගල ආරම්භ වුනේ, යුරෝපියන්ගෙන් අහිමිවූ නිදහස ලබා ගැනීම සඳහා ආරම්භ වූ තනි සිංහල නීතිය තමයි රටේ බෙදුම්වාදය ඇති කළේ, පොන්. සිවකුමාර් දෙමළ විමුක්ති අරගලයේ ප්‍රෝගාමියකු වන අතර, දෙමළ ජනතාව සැමදා ඔහුව සිහිපත් කරනු ඇතැයි මාවයි සේනාදිරාජා මහතා වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top