ජනප්රිය ගායන ශිල්පි ප්රින්ස් උදය ප්රියන්ත අභාවප්රාප්ත වී තිබේ. අද (08) කොළඹ පුද්ගලික රෝහලකදී හෙතෙම අභාවප්රාප්ත වන විට 47 වන වියේ පසුවිය. ගීත ගණනාවක් ගායනා කර ඇති ප්රින්ස් උදය ප්රියන්ත අවසන් කාලයේ දැඩි අසනීප තත්ත්වයේ පසුවූ අතර ඔහුගේ සොයුරියගේ රැකවරණ මැද ජීවත් විය.