කුඩා ළමුන් යොදවා සිඟමන් යදින පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට පියවර

ළමුන් යොදවා සිඟමන් යදින පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේ වැඩසටහනක් පොලිස් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය විසින් ක්‍රියාත්මක කොට ඇත.
ඒ අනුව පසුගිය මාර්තු 01දා සිට මැයි මාසය දක්වා කාලය තුළ සිඟමනේ යෙදුණු පිරිමි ළමුන් 11ක්, ගැහැණු ළමුන් 07ක් පොලිසිය භාරයට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඉන් ළමුන් 04දෙනෙකු පරිවාස භාරයට පත් කොට ඇත. ඉතිරි ළමුන් 14 දෙනා අධිකරණයේ බැඳුම්කර මත දෙමාපිය භාරකාරීත්වයට පත් කර තිබේ.
ළමුන් යොදවා සිඟමන් යෙදීමේ තත්ත්වයේ වර්ධනයක් පෙන්නුම් කරන බැවින් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කොට්ඨාසයේ කාර්යාංශ 42ක් මගින් කොළඹ හා තදාසන්න ප්‍රදේශවල මෙම මෙහෙයුම ක්‍රියාත්මක කරමින් පවතී.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top