සංචාරක වීසා මත රැකියා සඳහා විදේශ ගත විය නොහැක – අමාත්‍ය තලතා අතුකෝරළ

thalatha-athukorala තලතාකිසිඳු පුද්ගලයෙකුට සංචාරක වීසා මත රැකියා සඳහා විදේශ ගත විය නොහැකි බවත් එසේ කරන පුද්ගලයින්ට තරාතිරම නොබලා නීතිය කි‍්‍රයාත්මක කරන බව විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය සඳහන් කළාය.

සංචාරක වීසා මගින් ඩුබායි රටේ රැකියාවක් සදහා පිටත්ව යාමට පැමිණි ත්‍රිකුණාමලය ප‍්‍රදේශයේ වයස 21 ක කාන්තාවක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකය විසින් පසුගිය දා අත්අඩංගුවට ගත් අතර ඒ සම්බන්ධයෙන් අඳහස් දක්වමින් අමාත්‍යවරිය මෙසේ පැවසුවාය.

මෙම වැටලීම සදහා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නීති අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධීකාරී කීර්ති මුතුකුමාරණ මහතාගේ සහ අපරාධ විශේෂ විමර්ශන ඒකකයේ කළමනාකරු ප‍්‍රධානපොලිස් පරීක්ෂක අර්ජුන මාහින්කන්ද මහතාගේ උපදෙස් පරිදි පොලිස් පරීක්ෂක ඩබ්. ඒ. බාලසූරිය, නීති කි‍්‍රයාත්මක කිරීමේ නිලධාරි පොලිස් පරීක්ෂක එම්.එස්.ඩී අබේධීර, පොලිස් සැරයන් එස්.ජේ.පී රවීන්ද්‍ර මහත්වරුන් සහ විමර්ශන ඒකකයේ නිලධාරී සුනේත‍්‍රා මහත්මිය එක් වූහ.

– Global Tamil News – Sinhala

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top