කේප්පාපිලවු ප්‍රදේශයේ ජනතාව කොටුකර රඳවා තබාගත් හමුදාව..

කේප්පාපිලවුහි හමුදාව විසින් අත්පත්කරගෙන සිටින ප්‍රදේශයට ආගමික කටයුතු සඳහා ගිය ජනතාව, හමුදාව විසින් එම ප්‍රදේශය තුළ කොටුකර රඳවා තබාගත් බවට වාර්තාවේ. ආගමික කටයුතු ඉටුකරන ප්‍රදේශය තුළට ජනතාව ඇතුල් වූ විගස හමුදාව ප්‍රධාන දොරටුව වසා දැමීමෙන් එහි නොසන්සුන් තත්වයක් ඇතිවූ බව වාර්තාවේ.

දකුණේ බෙෘද්ධ හිමිවරයකු සහ ජනතාව සමඟ ප්‍රදේශවාසීන් කේප්පාපිලවු පාරම්පරික ගම්මානයේ කෝවිලයෙහි පූජා කටයුතුවලට ගිය අවස්ථාවේ හමුදාව විසින් මෙලෙස ප්‍රධාන දොරටුව වසා දැමූ බවට චෝදනා කර තිබේ.

එම ප්‍රදේශයේ පොලිස් හා හමුදා ආරක්‍ෂාව තරකර තිබෙන අතර, සිද්ධියෙන් අනතුරුව ප්‍රදේශිය ලේකම්වරයා එම ස්ථානයට ගොස් හමුදාව සමඟ සාකච්ඡා කරමින් සිටින බවද වාර්තාවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top