එ.ජා.ප. මුස්ලිම් නියෝජිතයන් අගමැති හමුවීමට තීරණය කරයි..

ඇමෙරිකාවේ සංචාරයෙන් පසු දිවයිනට පැමිණි අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත එක්සත් ජාතික පක්‍ෂයේ මන්ත්‍රීවරුන් රට තුළ පවතින ජාතිවාදී ක්‍රියාවන් ගැන පෙන්වාදී තිබේ. පසුගියදා දිවයිනට පැමිණි අගමැතිවරයා පිළිගැනීම සඳහා කටුනායක ගුවන් තොටුපොලට පැමිණ සිටි එ.ජා.ප. මන්ත්‍රීවරුන් අගමැතිවරයා වෙත රටේ පවතින තත්වය ගැන පෙන්වාදුන් අතර, රටතුල මුස්ලිම් ජනතාවට එරෙහි ප්‍රචණ්ඩ ක්‍රියාවන් ඉහළ ගොස් තිබීම ගැන ද මුස්ලිම් මන්ත්‍රීවරුන් එහිදී පෙන්වාදී තිබේ.

මේ සම්බන්‍ධයෙන් කොළඹ දී සාකච්ඡාවක් පවත්වා ඉදිරි ක්‍රියාමාර්ගයන් ගැන සොයා බලන බව අග්‍රාමාත්‍යවරයා එහිදී පවසා තිබේ. තවද, එක්සත් ජාතික පක්‍ෂයේ මුස්ලිම් මන්ත්‍රීවරුන් සහ ප්‍රධානීන් සමඟ වූ සාකච්ඡාවක් සඳහා වෙලාවක් වෙන්කර දෙන්නැයි අමාත්‍ය හලීම් මහතා අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා තිබේ. ඒ අනුව අද හෝ හෙට දින මුස්ලිම් මැති ඇමැතිවරුන් අග්‍රමාත්‍යවරයා හමුවීමට නියමිත බව පැවැසේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top