මල්ලිකයිතිව් සිසුවියන් දූෂණ්‍ය කිරීමේ සිද්ධියට සම්බන්‍ධ සැකකරුවන්ට ඇප

ත්‍රිකුණාමලය, මූතූර්, මල්ලිකයිතිව් පෙරුවෙලි දෙමළ පාසලේ ඉගෙනුම ලබන දැරියන් තිදෙනෙකු දූෂණය කළැයි කියන සිද්ධියට සම්බන්‍ධව සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන් හය දෙනා, අද සඳුදා දින මූතූර් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණි.

එහිදී රුපියල් 50 දාහක ඇප මත සැකකරුවන්ව නිදහස් කරන ලෙසත්, මාසයේ අවසන් ඉරිදා දින පෙරවරු 9 සිට 12 දක්වා වූ කාලය තුළ මූතූර් පොලිස් ස්ථානයට පැමිණ හය දෙනාම අත්සන් තැබිය යුතු බවත් මූතූර් මහේස්ත්‍රාත් අයි.ඒ. රිස්වාන් මහතා නියෝග කර තිබේ.

තවද, මෙම නඩුව විශේෂ විමර්ශණ ඒකකයට භාර කරන ලෙස ද මූතූර් පොලීසියට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top