අතුරුදන්වූවන්ගේ ඥාතීන් කළ ඉල්ලීම ඉටු කිරීමට ජනපති පොරොන්දු වෙයි..

අතුරුදන්වූවන්ගේ ඥාතින් ඉදිරිපත් කරන ඉල්ලීම ඉටුකරන බව පොරොන්දු වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද දින පැවැත්වෙන ජාතික ආරක්‍ෂක කමිටු රැස්වීමේදී ත්‍රිවිධ හමුදාව විසින් යම්කිසි කෙනෙකු රඳවා තබා ඇති නම් ඔවුන්ගේ තොරතුරු හෙළිකරන්නැයි උපදෙස් ලබා දෙන බවද පවසා තිබේ.

අවසන් යුද සමයේදී අතුරුදහන්වූවන්ගේ දෙමව්පියන් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර හමුවක් ඊයේ (12) පස්වරුවේ යාපනය ආණ්ඩුකාර කාර්යාලයේදී පැවැත්විණි. උතුරු නැගෙනහිර පළාතේ දිස්ත්‍රීක්ක අටම නියෝජනය කරමින් අතුරුදහන්වූවන්ගේ දෙමව්පියන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටි අතර තම දරුවන් සොයා දෙන ලෙස ඉල්ලමින් ලිපියක් ද එහිදී ඔවුන් ජනාධිපතිතුමා වෙත භාර දුන්හ.

ඔබලාගේ ඥාතීන් යම්කිසි ස්ථානයක රඳවා තබා ඇත්නම්, එවැනි ස්ථානයක් ගැන ඔබ දැන සිටින්නේ නම් මට කියන්න, එම ස්ථානයට රැගෙන යෑමට සූදානමින් සිටිනවා, හෙට (අද) පැවැත්වෙන ජාතික ආරක්‍ෂක කමිටු රැස්වීමේදී ත්‍රිවිධ හමුදාව යටතේ යම්කිසි කෙනෙකු රඳවා තබාගෙන සිටින්නේ නම් වහාම ඔවුන් ගැන තොරතුරු හෙළිකරන ලෙස උපදෙස් ලබා දෙනවා යැයි ජනාධිපතිවරයා එහිදී පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top