රජය ජාතිවාදී ගැටුම් ඇති වන ලෙස කටයුතු කිරීම නතර කළ යුතුයි – මහින්ද

ජාතීවාදී ගැටුම් ඇති වන ලෙස කටයුතු කිරීම රජය නතර කළ යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ වත්මන් රජයේ ඇතැම් අමාත්‍යවරුන් රට තුළ ජාතිවාදී සිදුවීම් ඇති කිරීමට උත්සාහ දරන බවය. සිය නිවසේ පැවති ආගමික උත්සවයකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේය.

එම අවස්ථාවට එක්වු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ද ජාතිවාදී සිදුවීම් ඇති කිරීම පිළිබඳ අදහස් පළ කළේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top