ජාතික ගීය දෙමළින් ගැයීමට එරෙහි පෙත්සම නොවැම්බර් 18 සලකා බැලීමට තීරණය කරයි..

sri-lanka-logo - ලංකාජාතික ගීය දෙමළින් ගැයීමට එරෙහි පෙත්සම නොවැම්බර් 18 වැනිදා සලකා බැලීමට අධිකරණය තීරණය කර තිබේ.

ජාතික නිදහස් දින උත්සවයේදී ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත්, එමඟින් සිය මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට ප්‍රකාශ කරන්නැයි ඉල්ලා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ නීතිපතිවරයාට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

කැළණිය ප්‍රදේශයේ පදිංචි පස් දෙනෙකු විසින් මෙම පෙත්සම ගොනු කර තිබෙන අතර, අදාළ පෙත්සම ලබන නොවැම්බර් 18 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය පුර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ තීන්දු කර තිබේ.

– Global Tamil News : Sinhala

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top