කුරුණෑගල ආගමික ස්ථානයට එල්ල කළ බෝම්බ ප්‍රහාරයට බොදු බලේ දෙදෙනෙකු අත්අඩංගුවට

කුරුණෑගල, මල්ලවපිටිය ප්‍රදේශයේ ආගමික ස්ථානයකට එල්ල වූ පෙට්‍රල් බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් බොදු බල සේනා සංවිධානයේ ක්‍රියකාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් දෙදෙනා ඊයේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 19 වනදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා පවසයි.

මේ අතර ඊයේ (15) අරලියගහ මන්දිරයේ දී විශේෂ ප්‍රකාශයක් කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේ සංහිදියාවට බාධා ඇති කරන පුද්ගලයින්ට නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට උපදෙස් දී ඇති බවයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top