බ්‍රික්‌ස්‌ – බිම්ස්‌ටෙක්‌ සමුළුවට සහභාගිවීම සදහා ජනපති අද ඉන්දියාවට

sri-lanka-president-maithripala-sirisena-independence-day-messageඅද (15) සහ හෙට යන දෙදින පුරා ඉන්දියාවේදී පැවැත්වීමට නියමිතව ඇති බ්‍රික්‌ස්‌ – බිම්ස්‌ටෙක්‌ සමගාමී සමුළුවට සහභාගි වීම සදහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද සවස ඉන්දියාව බලා පිටත්ව යැමට නියමිතව ඇති බව ජනාධිපති ලේකම් කාර්යාලය පවසා සිටියි.

කලාපීය සංවිධානයන් අතර සහයෝගිතාවය වර්ධනය කිරීම අරමුණු කරගනිමින් පැවැත්වෙන මෙම සමුළුව මෙවර අට වැනි වරට පවත්වනු ලබන අතර එහි සත්කාරකත්වය මෙවර ඉන්දියාවට හිමිව ඇත.

ඉන්දියාව, චීනය, රුසියාව, බ්‍රසීලය, දකුණු අප්‍රිකාව, බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, මියන්මාරය, නේපාලය, තායිලන්තය සහ ශ්‍රී ලංකාව යන රටවල් මෙම සමුළුවට සහභාගි වෙයි. “ප්‍රතිචාරාත්මක සියල්ලන් ඇතුළු වන සාමුහික විසඳුම් ගොඩනැඟීම” යන්න මෙවර සමුළුවේ තේමාවයි.

– Global Tamil News : Sinhala

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top